ඔබ නිතර දකින තිබ්බටු ගෙඩියේ නොදැන සිටි ඔසු ගුණ ගැන මෙන්න හරියටම දැනගන්න..
රුධිරය පිරිසිදු කරන තිබ්බටු එක්ක බත් කටක් කන එක මොන තරම් නම් වටිනවාද කියලා දන්නවාද..?
වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු ඇත්තටම මේ තරම් ගුණදායකයි කියලා ඔබ හිතන්න නැතුව ඇති..
තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn යන්නයි... මෙම ගසේ ගෙඩිවලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරනවා... අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම් වන අතර, සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලයි.. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගන්නවා...
ආහාර පරිපාචන ක්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ.. එසේම ආහාර රුචිය ඇතිකරයි.. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ගර්භනී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුයි... හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇති මේ ආහාරයට රුධිරය පිරිසුදු කරන ගුණය ද පවතිනවා.. එසේම,
ශරීරය සිසිල් කරයි.
ප්‍රතිශක්තිය බලවත් කරයි.
අක්මාව නිරෝගිමත් කරයි.
සෙමට හා කැස්සට ගුණදෙයි.
ඇස් හා දත් නීරෝගිමත් කරයි.
අස්ථීන් හා ස්නායු ශක්තිමත් කරයි.
දියවැඩියාව පාලනයට උපකාරී වෙයි.
ආහාර ජීර්ණය ක්‍රමවත් කර මලබද්ධය දුරලයි.
ආහාර ජීර්ණ පද්ධතියෙහි ඇති විය හැකි ආසාදන දුරලයි.
Countdown Timer
20 seconds remaining


Comments
Post a Comment